Loading...

අධ්‍යාපනයටත් ජාතික ප්‍රතිපත්තියක්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිපත්ති රාමුවේ තියෙනවා යෝජනා කරලා ජාතික පාසල් සහ පළාත් සභා පාසල් කියලා වෙන් නොකර එකම වර්ගයක් තියන්න.

ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතිනවා. එකවර බැරිවෙයි. නමුත් ක්‍රමානුකූලව අදියරයෙන් අදියර ඒක කරන්න පුළුවන් වෙයි.

උගන්නන්නේ නැහැ කියන්න බෑ. එහෙම වුණා නම් ප්‍රතිඵල ගන්න බෑනේ. නමුත් අපි ඒවා සකස් කරගන්න ඕනේ.

ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩසටහන්, තාක්ෂණය යොදා ගැනීම ආදිය කරලා ඒ සියල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක එනවා. පන්ති කාමරයේ යම් විෂයක යුනිට් එක කරලා ඉවර වෙද්දි අභ්‍යාසයක් කරනවා. ඒකට ලකුණු දීලා ඉවර කරනවා. ඊළඟට ඊළඟ එක.

බොහෝ රටවල් එහෙම තමා ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක කාලීනව වෙනස් වෙන්න ඕනේ. අපි ඒ වෙනස කරනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් කරන්නේ. එතකොට ඇමති වෙනස් වුණාට වෙනස් වෙන්නේ නෑ. නැවත පාර්ලිමේන්තුවෙන්ම කරන්න වෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා වෙනසක් තියෙනවා අද…”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *