විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රුසියාවට යවන බව පවසමින් පුද්ගලයින් 140 දෙනෙක් පමණ රවටා රුපියල් කෝටියකට අධික මුදලක් ලබාගෙන වංචා කළ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව පොලීසිය කියා සිටියේ අත්අඩංගුවට පත්වූවන් අතර රියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් සිටින බවයි.
අදාළ සැකකරුගේ රියදුරු පාසල පරික්ෂා කිරීමේදී විවිධ පුද්ගලයින්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 39ක් හා ව්‍යාජ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.
එම රියදුරු පාසල පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව අවම මුදල වශයෙන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 සිට රුපියල් ලක්ෂ 14ක මුදලක් උපරිමය ලබාගෙන ඇති මෙම වංචාවට හසුවූ පුද්ගලයින් පොලීසිය හමුවේ සිදුකල පැමිණිලිවලින් හෙළිව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.








Leave a Reply