මෙල්බර්න්හි පදිංචි කාන්තාවක් මුල්‍ය වංචාවකට හසු වීමට ගිය අවස්ථාවක ඇයව එම වංචාවෙන් මුදා ගැනීමට එරට සිටි ශ්‍රී ලාංකික බැංකු නිලධාරියෙක්ට හැකිව තිබෙනවා.
එම කාන්තාව මෙලෙස මුල්‍ය වංචාවකට හසුකර ගැනීමට ගොස් ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ හමුවූ ඇයගේ පෙම්වතා බවට පැවසෙන පුද්ගලයෙකි.
තුර්කියේ සිටින පෙම්වතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඩොලර් 2000ක් යැවීමට කටයුතු කිරීමේදී එම පුද්ගලයාගේ ගිණුම අත්හිටුවා තිබීම හේතුවෙන් අදාළ බැංකුවේ පාරිභෝගික උපදේශක නිලධාරියා ලෙස සිටි ශ්‍රී ලාංකික පුද්ගලයා ඇති වූ සැකයක් හේතුවෙන් මේ පිළිබඳව තොරතුරු සියා බලා තිබෙනවා.
මෙහිදී පෙම්වතා කවුද යන්නවත් ඇය නොදැන සිට ඇති අතර, කිසිඳු අවස්ථාවක ඔහු මුණ ගැසී නොමැති බවද වැඩිදුරටත් වාර්තා වනවා.
Leave a Reply