ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා හමුවක් ඊයේ (07) යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී සිදුව තිබෙනවා.
යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමු වීම සිදුව ඇති බව සඳහන්.
තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා විසින් හින්දු ආගමික සාම්ප්‍රදානුකූලව පිළිගනු ලැබුවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුව සිදු වූ බවයි.
මෙහිදී ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
Leave a Reply