සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දීයි.
ඉදිරි ජනාධිපතිවරණය සහ ඊට අදාළ පොලීසියේ ක්‍රියාවලිය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
තවද පොලිස්පතිවරයෙක් නොමැති ජනාධිපතිවරණයට අදාළ රාජකාරි ක්‍රියාත්මක කරන ආකාරය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.
Leave a Reply