ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් ආරම්භ කිරීම අද (20) සිදු කරනු ලැබුවා.
එය සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා එක්ව ඊට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළා.
මේ අතර ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමද මෙම අවස්ථාවේදී සිදුවුණා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැඟින් භාරදීම ද මෙහිදී සිදුකළ බවයි.
Leave a Reply