අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
නිව්යෝර්ක් හි රෝචෙස්ටර් නගරයේ මේපල්වුඩ් උද්‍යානයේ දී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා 20 හැවිරිදි අයෙක් වන අතර තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධව එරට පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Leave a Reply