Loading...

සිසුවෙකු සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලෙන් පැනලා

කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක් කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කළේ වලවත්ත සහ කැළණිය පදිංචි සිසුවකු සහ සිසුවියක් මෙලෙස මියගොස් ඇති බවයි.

මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පන්තියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව ත්‍රිරෝද රථයක නැග පැමිණ ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තවද එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන ඇති ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව සඳහන්.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *