ඖෂධ කල් ඉකුත් වීම සහ හානි වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේ දී සහ ඊට පෙර වර්ෂවලදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වර්තාවක සඳහන්ව තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2022 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වනවා.
එම වාර්තාවට අනුව 2022 වසරේ දෙසැම්බර් මස 31 වන විට තත්ත්වයෙන් අසමත් කල් ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය කෝටි 34කින් වැඩි ඇති බව වාර්තා වනවා.
සමාලෝචිත වර්ෂයේ දී තත්ත්වයෙන් අසමත් කල් ඉකුත් වූ සහ හානි ඖෂධවල මුළු පිරිවැය කෝටි 6ක් ලෙස සඳහන්ව තිබෙනවා.
පසුගිය වසරේ දී සහ සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් ඖෂධවල මුළු පිරිවැය කෝටි 3කට වැඩි මුදලකින් දෙකෝටි තිස් හය ලක්ෂයක මුදලක් පසුගිය වසරේ මාර්තු 31 වන විට අය කරගෙන නොතිබූ බවයි අදාළ වාර්තාවේ සඳහන්.
විගණන නිලධාරීන් පෙන්වා දෙන්නේ අසාදු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතුව තිබූ කෝටි 30කට වැඩි මුදලක් අයකර ගැනීමට අවිනිශ්චිත තත්ත්වයක පැවතුණු බවයි.
Leave a Reply