යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙසේ පාර්ක් පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ඊයේ (22) අළුයම මෙම රාත්‍රී සමාජ ශාලා පරිශ්‍රයට පැමිණ ඇති බවයි.
මෙහිදී යෝෂිත සහ බිරිඳ සමඟ පැමිණ පිරිස එම නයිට් ක්ලබ් පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ ගැනීමේ දී එහි ආරක්ෂකයින් නයිට් ක්ලබ් පරිශ්‍රයකට පැමිණෙන විට හඳුනා ගැනීමට පළඳින අත් පළදනා පැළද ගන්නා ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
එම ආයතනයේ ආරක්ෂකයින් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ අදාළ අවස්ථාවේ දී සිදුවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවයි.
තුවාල ලැබූ ආරක්ෂකයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Leave a Reply