ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය කියා සිටියේ පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති බවයි.
අදාළ අවස්ථාවේදී සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
සිදුවූ වෙඩි හුවමාරුවේ දී සැකකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි හුවමාරුවේ දී විශේෂ කාර්යය බළකා නිලධාරියෙක් ද තුවාල ලබා තිබෙනවා.
පසුගිය 09 වනදා ජා-ඇල දඬුගම බස්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
Leave a Reply