Loading...

වැලිකඩ පොලිස් ස්ථානාධිපති එම ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයක්?

වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත ඊයේ (06) යොමු කර ඇති බව සඳහන්.

ඊයේ (06) පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියා.

එම සිදුවීමේ දී තම රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

පසුගිය 1 වනදා රාත්‍රීයේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය ගොස් තිබුණා.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරනු ලබනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්කිරීමට මෙම නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත්කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *