ගම්පොල උඩ පළාත ප්‍රාදේශීය ලේකම් අත්මා දිලුක්ෂි ජයරත්න මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එම කමිටුව මෙම නිර්දේශය ලබාදී ඇත්තේ අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බව පෙන්වා දෙමින්.
යම් මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද පිළිබඳව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26 (1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුව වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය සම්බන්ධ වාර්තාවක් සභා නායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට පසුගිය 6 වනදා ඉදිරිපත් කළා.
මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපය ගැන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පසුගිය පෙබරවාරි මස 9 වනදා වරප්‍රසාද ප්‍රශ්ණයක් මතුකර තිබුණා.
Leave a Reply