අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ගොනුකර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු 9 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
මීට අදාළ පෙත්සම ඊයේ (01) විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
තමා රිය අනතුරකට ලක්කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බැවින් දැනට ලබාදී තිබෙන ආරක්ෂාව දැඩි කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා මෙම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.
Leave a Reply