Loading...

අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය පිළිබඳව අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදී ඇති බව වාර්තා වනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා තම සේවා දායකයා සඳහා රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

මෙහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කර ඇති බවද සඳහන්.

අදාළ තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබාදීමට එකඟ වන්නේ නම් දහවල් විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබාදීමට හැකි බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගත් අතර එහිදී සැකකරු අදාළ රහස් ප්‍රකාශය ලබාදී ඇති බව වාර්තා වනවා.

එම ප්‍රකාශයෙන් අනතුරුව අධිකරණය නියෝගය කර ඇත්තේ දුලාන් සංජය ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් අගෝස්තු මස 5 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *