Loading...

මාලිමාවේ හෙද සමුළුවට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති ජාතික සමස්ථ ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය පවසනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදා ගැනීම ආයතන සංග්‍රහය අනුවත් මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය පෙන්වා දෙනවා.

තවද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *