යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යාපනය රෝහලේ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීමක් පිළිබඳව මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
අදාළ මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වන ලෙස හැසිරීම පිළිබඳව මෙම පැමිණිල්ල ඉදිරිපත් වී තිබුණා.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින බවයි යාපනය පොලීසිය සඳහන් කළේ.
Leave a Reply