සැකකරුවන්ගෙන් සිදු කරනු ලබන ප්‍රශ්ණ කිරීම් වීඩියෝ ගත කර මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකරන ලෙස පොලිස්පති දේශබන්දු මහතා සියලුම පොලිස් ස්ථාන වෙත ඊයේ (12) චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබෙනවා.
මීට පෙරද පසුගිය කාලවලදී පොලිස්පතිවරුන් මේ ආකාරයේ චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් එම චක්‍රලේඛ අනුව ක්‍රියාකර නොමැති බව පෙනෙන්ට තිබෙන නිසා පොලිස්පතිවරයා නැවත වරක් මෙම චක්‍රලේඛය මෙලෙස නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස්පතිවරයා සිය චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය මත සැකකරුවන් පිළිබඳව විමර්ශන කටයුතුවලට බාධාවන් වී ඇති බවයි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධව ටැටූ කලාගාරයේ හිමිකරු පොලීසියට ලබාදුන් ප්‍රකාශය වීඩියෝ කර මාධ්‍යයට ඉදිරිපත් කිරීමේ සිද්ධිය මුලික කරගෙන පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය මෙලෙස නිකුත් කරනු ලැබුවා.
Leave a Reply