Loading...

රිය අනතුරකදී රක්ෂණ වන්දි ගන්න ක්‍රමයේ වෙනසක්

රිය අනතුරකදී තෙවන පාර්ශවයේ වින්දිතයින්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනම් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් මාර්තු මස 01 වනදා සිට ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙම නව ක්‍රමවේදය හරහා අනතුරු සිදුවී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය ලක්ෂ 05 දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් මස 15 වනදා සිට ගුවන් තොටුපොළේ දී ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *