Loading...

තොරතුරු තාක්ෂණ විෂය මාලාවේ වෙනසක්

පාසල්වල 8 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තේන් පැවති උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ තොරතුරු තාක්ෂණ විෂය මාලාව සමඟ කෘතීම බුද්ධිය විෂය ධාරාවට හඳුන්වා දෙන බවයි.

මෙහි නියමු ව්‍යාපෘතිය මාර්තු 19 වනදා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ එක්ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවන්ට දැනුම ලබාදීමට අපේක්ෂිත බවද ඔහු සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යංශය සමග මයික්‍රොසොෆ්ට් ආයතනය එක්ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවන්ට දැනුම ලබා දීමට අපේක්ෂිත බව එම මහතා සදහන් කළේය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *