Loading...

ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණුවලින් 30%ක ප්‍රතිශතයක් 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමර තුළදී ලබාදිය යුතු වන සේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එය නිසි අයුරින් තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීමක් බවයි.

ඉන් අනතුරුව සිසුන් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩලය මඟින් සිදු කරන බවද ඔහු කියා සිටිනවා.

2025 වසරේ දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව ලොව අධ්‍යාපන ප්‍රවණතා සැලකිල්ලට ගෙන සැලසුම් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමවේද අනුව වයස අවුරුදු 21 වන විට පළමු උපාධියත් අවුරුදු 23 වන විට උපාධිය සහ අවුරුදු 27 වන විට ආචාර්ය උපාධිය ලබා ගැනීමට ඉදිරියේ දී අවකාශ උදා වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *