Loading...

විගණන දෙපාර්තමේන්තුවෙනුත් කෝප් කමිටුවට බාල්දියක්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු පිළිබඳ විගණන අංශ නිලධාරීන් දැඩි ලෙස විරෝධය පළකර තිබෙනවා.

ඔවුන් මේ සම්බන්ධව කථානායකවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව විමර්ශන පැවැත්වීමේ දී විගණනකාධිපතිවරයාගේ වාර්තාව මත පදනම් කරගෙන බවට ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන්ව තිබුණද කමිටුව දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා වෙනත් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

තවද කමිටුවේදී මන්ත්‍රීවරුන් වරින් වර නැගිට හෙළිදරව් කරන යම් යම් කරුණු සම්බන්ධව ද කෝප් කමිටුව වෙනම විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *