නවසීලන්ත ක්‍රිකට් පිල ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟ සංචාරයක් සඳහා ලබන සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.
මෙහිදී පළමු ටෙස්ට් තරඟය සැප්තැම්බර් 18 වනදා සිට 22 වනදා පැවැත්වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරඟය සැප්තැම්බර් 26 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තරඟාවලියේ ඇති විශේෂත්වය වන්නේ පළමු ටෙස්ට් තරඟය සඳහා විවේක දිනයක් නිවේදනයක් කර තිබීමයි.
මෙහිදී සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය පළමු ටෙස්ට් තරඟය සඳහා විවේක දිනයක් ලෙස නම් කර තිබෙනවා.
තරඟ දෙකකින් යුත් මෙම ටෙස්ට් තරඟ මාලාව ICC ලෝක ටෙස්ට් ශූරතා 2023 – 2025 තරඟ සමයට අදාලව පැවැත්වීමට නියමිතව ඇති.
මෙම ටෙස්ට් තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.








Leave a Reply