Loading...

හෝමාගම පොලීසිය තුළ ගුටි ඇනගැනීමක්?

හෝමාගම පොලීසිය තුලදී ඇති වී ඇතැයි බවට පැවසෙන සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙනවා.

අදාළ සිද්ධිය පසුගිය 1 වනදා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“බීමත්ව අශෝභන ලෙස හැසුරුණු පුද්ගලයෙක් ව හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබුණා. ඔහුව බැලීමට තවත් පුද්ගලයින් 4 දෙනෙක් පොලීසියට ගිහින්. ඔවුන් සම්බන්ධයෙන් තමයි මේ පොලීසියේදී ගැටුමක් ඇතිවුණා කියලා කියන්නේ. ඔවුන් කියනවා පොලීසියේදී පහර දුන්නා කියලා රෝහල් ගත වෙලා. පොලිස් නිලධාරියෙකුත් රෝහල් ගත වෙලා…”

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *