Loading...

අදානිගෙන් විදුලිය මිලදී ගන්න වසර 20ක ගිවිසුමක්

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය සිදු කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කර තිබූ අතර වසර 20ක් සඳහා ඔවුන්ගේ එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය ගැනීමට නියමිතයි.

ඊට අදාළ යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (06) ඉදිරිපත් කර තිබුණා.

ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් මෙහිදී යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ස්ථාපනය සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට 2022 මාර්තු මස 07 වනදා කැබිනට් මණ්ඩලයේ අනුමැති හිමි වුණා.

අදාළ සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් පත්කළ අතර යෝජිත ව්‍යාපෘතිය මඟින් නිපදවන විදුලිය සඳහා මිල තීරණය කරනු ලබන්නේ එම කමිටුවේ නිර්දේශ මතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *