Loading...

අමෙරිකාව සමඟ ඕනෑම යුද්ධයකට සුදානම් – චීනය

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියලුම චීන භාණ්ඩ සඳහා බදු පැනවීම සමඟ ඕනෑම ආකාරයක යුද්ධයක් වෙනුවෙන් තමා සුදානම් බව චීනය නිවේදනය කර තිබෙනවා.

ඊයේ (05) චීන තානාපති කාර්යාලය නිකුත් කළ X පණිවිඩයේ මේ බව සඳහන්ව ඇත.

එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ යුද්ධය නම් එය තීරු බදු යුද්ධයක්, වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයකට චීනය අවසානය දක්වා සටන් කිරීමට සුදානම් බවද ඔවුන් එම පණිවිඩයෙන් පෙන්වා දී තිබුණා.

Image


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *