සයිබර් අවදානම් ප්රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබෙනවා.
ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්යතාන්ත්රික අර්බුදය තවදුරටත් ත්රීව කරමින්.
කැනඩාව චෝදනා කරනු ලබන්නේ ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බවයි.
මේ අනුව කැනේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඇතුළත් කළ 5 වන රට ඉන්දියාවයි.
මීට පෙර චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා.








Leave a Reply