තම රටට එරෙහිව ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බවට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ටෙහෙරාන් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉරාන විරෝධතාකරුවන් විසින් අත්පත් කරගැනීමේ 45 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවති උත්සවයක් අමතමින්.
එහිදී ඔහු සඳහන් කළේ ගෙවී ගිය සතියේ ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි.
තම රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවේ සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විදීමට සිදුවන බවද ඉරාන අධ්‍යාත්මික නායකයා පවසනවා.
1979 වසරේ නොවැම්බර් මස 04 වැනිදා ඉරාන විරෝධතාකරුවන් විසින් අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 50 දෙනෙකු සිය භාරයට ගැනීමේ සිදුවීමෙන් පසු ඉරාන අමෙරිකා සබඳතා ස්ථාවර තත්ත්වයට පත් නොවුයේ නැහැ.








Leave a Reply