Loading...

රනිල් ජනපතිවරණ සටන අද අනුරපුරයෙන් අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරය වෙත පැමිණ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කළ බවයි.

මේ අතර 2024 ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ පළමු ජන රැලිය අද (17) හවස අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසකින් සහාය දක්වන මැතිඇමතිවරුන් රැසක් එක්වීමට නියමිත බවද වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ දී දිවයින පුරා ජන රැලි 100ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *