මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (08) තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ සිරිකොත මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණා.
පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවයි.
ඒ හේතුවෙන් ස්වාධීනව ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට පුර්ණ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ සමස්ත සාමාජිකයින් විසින් ලබාදිය යුතු බවට තීරණයකට එළැඹී ඇති බව සඳහන්.








Leave a Reply