නගරයක හා ප්‍රධාන මාර්ගයක සිට කිලෝ මීටර් එකහාමාරක් පමණ දුරින් සිය ගම්මානය පිහිටියත් කිසිදාක පා පැදියකින් වත් තම නිවස අසලට නොගිය ,මරණය පෙනි පෙනි නිති විරෝධී මගක යන පිරිසක් හැටන් – වටවල ප්‍රදේශයේ සිටිති .
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය පිහිටා තිබෙන්නේ වටවල නගරය හරහාය .එම මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 ක පමණ දුරින් මහවැලි ගඟ ට එගොඩින් පිහිටි ගම්මාන තුනක ජීවත් වන ජනතාව කිසිදාක තම නිවාස අසලට වත් වාහනයකින් ගමන් ගෙන නොමැත.එම නිසාම වැඩිහිටියෙකු නිවසේ මිය ගිය අවස්ථාවේ දී සවස් කාලයේ පා ගමනින් හදිසි මරණ පරික්ෂක වරයා නිවසට පැමිණිමට නොහැකි බව පැවසීම නිසා පසුදා පහන් වන තුරු මියගිය තම මවගේ මරණය ඇඳ මතම තැන්පත් කර තැබීමටත් නිවසට ගෙන ආ මිනි පෙට්ටිය මිදුලේ තැබීමට සිදුවු බවත් කනගාටුවෙන් පැවසීය .
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වටවල 101 ජනපදය හා ටෙම්පල්ස්ටෝ ජනපදය මෙන්ම මවුන්ජින් ගම්මානය හැටන් – වටවල නගරය ය යාබදව පිහිටා තිබේ .ඉහල වටවල දුම්රිය ස්ථානය පිහිටි ස්ථානයේ සිට මීටර් 500 ත් කිලෝමීටර් එකත් අතර දුරක් පුරා මෙම ගම්මානය පිහිටා තිබේ.වටවල නගරයේ සිට “ඉහල වටවල” දුම්රිය ස්ථානය දක්වා ගමන් ගැනිමට මාර්ගයක් තිබේ.එම මාර්ගය දුම්රිය ස්ථානයයෙන් අවසන් වේ. එම ස්ථානයේ සිට ගම්මානය දක්වා මාර්ගය සකස් නොකිරීම හේතුවෙන් 1972 සිට එම ගම්මාන වල ජීවත් වන ජනතාව සිය නිවාස වෙත පිවිසෙන්නේ දුම්රිය මාර්ගය ඔස්සේය .
දුම්රිය මාර්ගයේ ගමන් කිරිම දඩුවම් ලැබිය හැකි වරදක් බව ඔවුහු දනි .ඒ වගේම දුම්රියේ ගැටි පුද්ගලයින් කීපදෙනෙක් මිය ගිය අවස්ථා ද සියැසින් දුටු අයද වේ.නමුත් ඔවුනට විකල්පයක් නැත .තම දුවා දරුවන් පාසල වෙත රැගෙන යාම.ලෙඩට දුකට බෙහෙතක් ගැනිම සදහා ගමන් කිරිම .ලෙඩාට පා ගමනින් යා නොහැකි අවස්ථා වල දී ඔවුන් ඔසවාගෙන යෑම .නිවසට අවශ්‍ය කෑමබීම ඇතුළු සියලු භාණ්ඩ ගෙන එම පමණක් නොව මරණයක් සිදුවු විටදී මරණය භූමදානය සදහා අවමගුල් පෙරහැර ගමන් ගන්නේ ද දුම්රිය මාර්ගය ඔස්සේය .
වැසි දිනවලදී පරිසරයේ පවතින ශබ්ද නිසා අනතුරු සිදුවීමට තිබෙන අවස්ථා බහුලය .එම දිනවල දී සිල්පරන් කොට ලිස්සා ඇද වැටුන අවස්ථා ද ඇති බව ඔවුන් පවසයී .දුම්රිය එන හඬ නොඇසි අවසන් මොහොතේ ජීවිත බේරා ගත් අවස්ථා ද ඇතැම් අයගේ ජීවිත අහිමි වු අවස්ථා ද ඔවුහු පෙන්වා දෙති .
අවමගුල් අවස්ථාවක පුජ්‍ය පක්ෂය පවා ගමට කැදවා ගැනීම ගැටලු කාරි තත්ත්වයක් බව පෙන්වා දෙන ඔවුන් හින්දු ජනතාව නැකතකට අනුව නිවසින් මෘතදේහය එළියට ගැනීම සිරිතක් වුනත් මිනිය ගෙන යාම හා අවමගුල් පෙරහැර චාරිත්‍ර සිදු කල යුතු බැවින් මෙම ගම්වාසීන් පමණක් දුම්රිය ධාවනය වන වේලාව අනුව නැකැත් වේලාවන් පසු කර දුම්රිය ගමන් ගන්නා වේලාවට අනුව කටයුතු සිදු කිරිමට සිදුව ඇති බව පෙන්වා දෙති .
නිවසේ කාන්තාවන් ට රැකියාවකට යොමු වීමට නොහැකී වී තිබෙන්නේ දැවන් පාසල් ,උපකාර පංති යැවීම හා වැඩිහිටියන් තනිවම දුම්රිය මාර්ගයේ යැවිම අනතුරුදායක නිසාය .එය ඔවුන්ගේ ආර්ථික දියුණුවට ද විශාල බලපෑමක් එල්ල කර තිබෙන බව පවසයී.
වටවල 101 ජනපදයේ පවුල් 53 ක් ටෙම්පල්ස්ටෝ ජනපදයේ පවුල් 90 හා මවුන්ජින් ජනපදයේ ද පවුල් 300 ට වැඩි පිරිසක් වාසය කරති .ඔවුන් දෛනිකව උදේ,සවස ,රාත්‍රියේ ගමන් කරන්නේ දෛනිකව දුම්රිය ගමන් වාර 20 ක් පමණ ධාවනය කෙරෙන මාර්ගය ඔස්සේය .සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී තවත් දුම්රිය ගමන් වාර 2ක් එකතු වේ .
ඉහල වටවල දුම්රිය ස්ථානය දක්වා සැකසුන මාර්ගය 101 ජනපදය දක්වා ක්‍රියාත්මක විමට නියමිත වු සංවර්ධන යෝජනාව හා මවුන්ජීන් ප්‍රදේශයේ සිට ගම වෙත මාර්ගය සැකසීමේ සංවර්ධන යෝජනාව වසර කීපයකට ඉහත දී අතර මග නතර වීමත් සමග ගම්වාසීන්ගේ යහපත් ජීවිතයක් සම්බන්ධයෙන් ගොඩනැගුන බපොරොත්තු නැවතත් සුන්වි තිබේ .
උදේ ,සවස ජිවිත අවධානමකින් දිවි ගෙවන මේ ජනතාව මහජන නියෝජිතයන් ඇතුළු බලධාරීන් වෙත කල කිසිදු ඉල්ලීමක් සදහා මෙතෙක් ඉටු නොවු බව පවසන මොවුන් තව දුරටත් ජිවිත අහිමිවීම් සිදු වීමට පෙර දුම්රිය මාර්ගය භාවිතා නොකට නිදහසේ තම දරුවන් සමග ගමන් කිරිමට මාර්ගය සකසා දෙන මෙන් ඉල්ලා සිටිති .
සටහන- චන්දන ජයවීර








Leave a Reply