ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඖෂධ අනුමත කිරීම සම්බන්ධව සිදුකරන ලද අක්‍රමිකතා පිළිබඳව ලද තොරතුරු මත ඔහු ඊයේ (08) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීම් සිදු කරනු ලැබුවා.
පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර අද (09) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති.







Leave a Reply