Loading...

කඩුගන්නාව මාර්ගය හෙට උදෑසන දක්වා වසා දැමෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කඩුගන්නාව මාර්ගයේ සිදුවූ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගය හෙට (11) උදෑසන 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ, ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව එම මාර්ගයේ රථවාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි.

අද (10) පස්වරුවේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීම් වාර්තා වී තිබුණා.

එම ගල් පෙරළීම් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව ඇති බව වාර්තා වනවා.

පවතින දැඩි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කඩුගන්නාව සහ ගනේතැන්න අතර මාර්ග කොටස මෙලෙස වසා දැමීමට පොලීසිය සහ බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව, කොළඹ – මහනුවර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී සිටියි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *