රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර, එකවර රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිදු කරනු ලබන වැඩිදුර විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වනවා.







Leave a Reply