Loading...

පැය 24ට වැඩිම වර්ෂාපතනය තිඹිරිගස්යායෙන් වාර්තා වෙයි

පසුගිය පැය 24ක කාලය තුළ මෙරට වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම අගය මිලිමීටර් 146.60ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, කොළඹ මට්ටක්කුලියෙන් මිලිමීටර් 125.50ක, අත්තනගල්ලෙන් මිලිමීටර් 117.60ක සහ පස්බාගේ කෝරළයෙන් මිලිමීටර් 116.60ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව, අරණායක (මි.මී. 114.80), බුලත්සිංහල (මි.මී. 111.40), යටියන්තොට (මි.මී. 103.40) සහ වරකාපොළ (මි.මී. 94.80) යන ප්‍රදේශවලට ද තද වැසි පතිත වී ඇත.

එමෙන්ම රුවන්වැල්ල (මි.මී. 82.40), අගලවත්ත (මි.මී. 82.20), අයගම (මි.මී. 69.00), පිළියන්දල (මි.මී. 68.00), ඇහැළියගොඩ (මි.මී. 65.20), මිනුවන්ගොඩ (මි.මී. 64.50) සහ හල්දුම්මුල්ල (මි.මී. 63.00) යන ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ දත්ත පෙන්වා දෙනවා.

මේ අතර, පවතින අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 02 බැගින් ද, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 01 බැගින් ද විවෘත කර ඇත.

ඊට අමතරව අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක් (අඩි 02 බැගින්), කලා වැවේ වාන් දොරටු 02ක් (අඩි 01 බැගින්) සහ බදගිරිය ජලාශයේ වාන් දොරටු 02ක් (අඩි 02 බැගින්) උස්සා තිබෙනවා.

එමෙන්ම හම්බන්තොට යෝධ වැවේ වාන් දොරටු 02ක් (අඟල් 09 බැගින්), අඹේවෙල ජලාශයේ වාන් දොරටු 02ක් (අඟල් 01 බැගින්) සහ උඩවලව ජලාශයේ වාන් දොරටුවක් (අඩි 01ක්) විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *