Loading...

ජානකී රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි – නාමල්ගෙනුත් ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

එමෙන්ම මේ වනවිට වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ද මෙම විමර්ශනයට අදාළව විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබාදෙන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත්තේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ‘ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය’ නමැති වටිනා භූමිය අදාළ සමාගම වෙත කඩිනමින් ලබාගැනීමට සහාය වීම වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව මතයි ජානකී සිරිවර්ධන මහත්මිය මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *