Loading...

බත්තරමුල්ල පොල්දූව මංසන්දියෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්දිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මගින් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් අද උදෑසන සංවිධානය කරන ලද මෙම විරෝධතාව හේතුවෙන් මෙලෙස ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ වනවිට බත්තරමුල්ල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව ද නොතකමින් කළු පටි පැලඳගත් විරෝධතාකරුවන් විශාල පිරිසක් පොල්දූව මංසන්ධියට රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයින් රැසක් ද එක්ව සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *