Loading...

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් බේරාගන්න ජනාධිපතිගෙන් විශේෂ මැදිහත්වීමක්

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව සිටින සිවරාසා අනෝජන් නැමැති තරුණයාට සමාව ලබාගැනීම සඳහා රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඬුවම් නියමවී සිටින තරුණයාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීයි.

මෙම තරුණයා බේරාගැනීම සඳහා නෛතික මෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සෘජුවම මැදිහත් වන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඒ අනුව අනෝජන් හට සමාව ලබාදෙන ලෙස සෞදි රජුගෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි.

අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ වන විට නිල වශයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී ඔහුගේ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කෙරුණා.

එමෙන්ම මෙම සිදුවීමට අදාළ ඉදිරි කටයුතු තමන් විසින් නිරන්තරයෙන් සහ සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *