ගෙවුණු පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 104ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේම කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5ක, නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයෙන් මිලිමීටර් 85.5ක, කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයෙන් මිලිමීටර් 85.0ක සහ රත්නපුර දම්මුල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 82.5ක ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
මේ අතර දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට ආසන්න තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply