Loading...

දක්ෂිණ අධිවේගියේ බස් රථ දෙකක් සහ කාර් 6ක් එකිනෙක ගැටෙයි – 10කට තුවාලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී බස් රථ, මෝටර් රථ ඇතුළු වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුව තිබෙනවා.

මාතර සිට කොළඹ දෙසට පාසල් ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් ප්‍රථමයෙන් ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි බස් රථයක් සහ මෝටර් රථ 6ක් ඇතුළු තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පාසල් ළමුන් කිහිපදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුරත් සමග මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීම හේතුවෙන් ගැලණිගම සහ දොඩංගොඩ අතර දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට යොමු කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *