Loading...

ඩොලර් මිලියන 100ක් පිටරට පැටවූ බැංකු නිලධාරීන්ට මහාධිකරණයේ අධි චෝදනා

රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර ඩොලර් සංචිත පිටරට පැටවීමේ මහා ජාවාරමට සෘජුවම සම්බන්ධ වූ වාණිජ බැංකු නිලධාරීන්ට නොබෝ දිනකින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ප්‍රකාශ කළා.

ව්‍යාජ සමාගම් 89ක් මෙහෙයවමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් මෙලෙස රටින් පිටකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ජාවාරමට දැන දැනම සහාය දැක්වූ බැංකු නිලධාරීන් ඒ වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 2 බැගින් සිය ගිණුම්වලට බැර කරවාගෙන ඇති අතර, ඊට අමතරව අයිෆෝන් (iPhone) ඇතුළු නවීන භාණ්ඩද අල්ලස් ලෙස ලබාගෙන තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ, කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා ගොනු කළද, සැකකරුවන්ට එරෙහි අපරාධ චෝදනා පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *