Loading...

ලංකාවේ පළමු බැටරි බලශක්ති ගබඩාව සහ “දියජනනි” පාවෙන සූර්ය බල පද්ධතිය අද ජනතා අයිතියට

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නංවමින් විදුලි පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ස්ථාපනය කළ ශ්‍රී ලංකාවේ පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) අද (18) අනුරාධපුරයේදී ජනතා අයිතියට පත් කෙරෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව, ජාතික පුනර්ජනනීය බලශක්ති වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *