දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණ ද, සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ගමනාගමන අධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ. ඊයේ (16) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක කාලයක් සඳහා මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
මේ අතර වෘත්තීය සමිති වර්ජනය ක්‍රියාත්මක වුව ද සෑම දුම්රිය මාර්ගයකම සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, අද (17) පෙරවරුවේ ධාවනය කිරීමට සැලසුම් කර ඇති දුම්රිය ගමන්වාර සංඛ්‍යාව මෙසේ,
ප්‍රධාන සහ උතුරු මාර්ගය: ගමන්වාර 15ක්
මුහුදුබඩ මාර්ගය: ගමන්වාර 13ක්
හලාවත මාර්ගය: ගමන්වාර 11ක්
කැලණිවැලි මාර්ගය: ගමන්වාර 07ක්
කෙසේවෙතත්, වර්ජනය ආරම්භ කිරීමට පෙර ඊයේ (16) පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන් දැඩි පීඩාවට පත් වූ බව වාර්තා වනවා.







Leave a Reply