ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ‘අදියර 1’ යටතේ වන නායයෑම් විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (15) උදෑසන 10.00ට නිකුත් කරන ලද මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (16) උදෑසන 10.00 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇත.
එබැවින් කඳුකර හා බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම්, පස්කඳු කඩාපත්වීම් සහ ගල් පෙරළීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට සූදානමින් සිටින ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
කෑගල්ල දිස්ත්‍රික්කය:
- වරකාපොල
- රුවන්වැල්ල
කළුතර දිස්ත්‍රික්කය:
- දොඩන්ගොඩ
- බුලත්සිංහල
- බේරුවල
- ඉංගිරිය
- මතුගම
- පාලින්දනුවර
- වලල්ලාවිට






Leave a Reply