Loading...

ගුවන් ගමනේදී රුමේෂ් තරංගගේ ලෝක මට්ටමේ හෙල්ල 5ක් විනාශ වෙලා

අල්ටිමේට් ශූරතාව දිනාගනිමින් මෙරටට අභිමානයක් ගෙනදුන් ලෝකයේ අංක එකේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග මුහුණ දුන් කනගාටුදායක සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

අද (15) උදෑසන ඔහු මෙරටට පැමිණි ගුවන් ගමනේදී, ඔහුගේ පුහුණුවීම් සඳහා භාවිත කරන අතිශය වටිනා හෙල්ල 5ක් සම්පූර්ණයෙන්ම කැඩී බිඳී විනාශ වී තිබෙනවා.

ලෝක මට්ටමේ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට උරුම කර දීමට වෙහෙසෙන මෙවැනි දක්ෂ ක්‍රීඩකයෙකුගේ ප්‍රධානම ක්‍රීඩා උපකරණ මෙලෙස අහිමි වීම ඔහුගේ ඉදිරි පුහුණු කටයුතුවලට එල්ල වූ දැඩි බලපෑමකි.

මේ සම්බන්ධව අදහස් දැක්වමින් ක්‍රීඩා චිචාරකයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම කඩිනම් පරීක්ෂණයක් පවත්වා වන්දි ලබාදිය යුතු අතර, රුමේෂ්ගේ පුහුණුවීම් අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාදයකින් තොරව සලසා දීමට ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *