Loading...

හෙල්ල විසිකිරීමේ ලෝක ආධිපත්‍ය තහවුරු කළ රුමේෂ් තරංග දිවයිනට

ඔලිම්පික් ශූරයා සහ ලෝක ශූරයා ඇතුළු ලොව සුපිරි මලල ක්‍රීඩා තරු අබිබවා යමින්, වත්මන් ලෝක හෙල්ල විසිකිරීමේ ඉසව්වේ සිය අසමසම ආධිපත්‍ය තවදුරටත් තහවුරු කළ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණියා.

ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයින් සහභාගී වූ අල්ටිමේට් චැම්පියන්ෂිප් (Ultimate Championship) තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් රුමේෂ්ට හිමිවූ මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් 150,000කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්න වනවා.

මෙම ඉසව්ව සඳහා වත්මන් ඔලිම්පික් ශූර පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, ලෝක ශූර ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබෑගෝහි කෙශෝර්න් වෝල්කෝට්, දෙවරක් ලෝක ශූරතාව දිනූ ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ ජර්මනියේ ජුලියන් වෙබර් ඇතුළු විශිෂ්ටයින් 8 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා.

තරගයේ විවිධ වටයන්හිදී රුමේෂ් දැක්වූ දක්ෂතා මෙසේය:

පළමු වටය: මීටර 75.89ක දක්ෂතාවක් සමඟින් පස්වන ස්ථානය.

දෙවන වටය: මීටර 85.69ක විසිකිරීමක් සමඟින් තෙවන ස්ථානය දක්වා ඉදිරියට.

තුන්වන වටය: මීටර 87.11ක දක්ෂතාවක් සමඟින් තරගයේ පෙරමුණට.

සිව්වන වටය: මීටර 91.09ක දැවැන්ත විසිකිරීමක් සිදු කරමින් ලෝක ශූරතාව තහවුරු කරගැනීම.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙස තරගයට එක්වූ රුමේෂ් තරංග, මෙම ජයග්‍රහණයත් සමඟ “වර්ල්ඩ් අල්ටිමේට් ශූරයා” ලෙස කිරුළු පැළඳුවා.

දිවයිනට පැමිණි රුමේෂ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම ජයග්‍රහණය පිළිබඳව තමා මහත් සතුටට පත්වන බවත්, සහාය දැක්වූ සියලුදෙනාට ස්තූතිය පිරිනමන බවත්ය.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට ඇත්තේ තවත් පදක්කම් තුනක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *