Loading...

එන්ජින් සහ බලවේග කට්ටල හිඟයෙන් දුම්රිය ධාවනයට බාධා?

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින දැඩි හිඟය හේතුවෙන් එළඹෙන 17 වනදා වෘත්තීය සමිති 27ක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා පැවසුවේ තම ගැටලුවලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් 17 වනදා වර්ජනයට සහය දක්වන බවයි.

කෙසේ වෙතත්, උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වර්ජනයට එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පස්වරු 3.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව, දෙපාර්තමේන්තුව සතුව දුම්රිය එන්ජින් 98ක් පැවතියද මේ වන විට ධාවනය කළ හැක්කේ එන්ජින් 50ක් පමණි. සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාමට එන්ජින් 74ක් අවශ්‍ය වන අතර 2024 වසරේදී ධාවනය කළ හැකි එන්ජින් 53ක් පැවතුණා.

එමෙන්ම, කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල 242න් දැනට ධාවනය වන්නේ 118ක් පමණි. සාමාන්‍ය සේවාවන් සඳහා බලවේග කට්ටල 193ක් අවශ්‍ය වන අතර 2024 වසරේදී බලවේග කට්ටල 148ක් ධාවනයේ යොදවා තිබුණා.

මෙම හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන අතර, පවතින කාර්මික දෝෂ නිසා දුම්රිය ප්‍රමාද වීම් ද ඉහළ ගොස් ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කළද සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් මෙම වැඩ වර්ජනය කැඳවා ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *