Loading...

ඉන්ධන සඳහා නැවතත් පිරිවැයට සාපේක්ෂ මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් ඉල්ලයි

පිරිවැයට සාපේක්ෂව මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් යළි ක්‍රියාත්මක කරන ලෙස මෙරට තුළ ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්ධන බෙදාහැරීමේදී මුහුණදී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, මේ පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට ඒකාබද්ධ කරුණු දැක්වීමක් ද සිදුකර ඇති බව ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගමක උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ නාවික ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හමුවේ, පෞද්ගලික සැපයුම්කරුවන් දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 170 ක පමණ අලාභයක් ලබන බව වාර්තා වනවා.

එමෙන්ම රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 100 ක සහ පෙට්‍රල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 20 ක සහනාධාරය ජුලි මාසයේ සිට අත්හිටුවීමත් සමඟ ඉදිරි ඉන්ධන ඇණවුම් සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමේ දැඩි අර්බුදයකට ඔවුන් මුහුණදී සිටිනවා.

මේ හේතුවෙන් පෞද්ගලික සමාගම් පෙන්වා දෙන්නේ සාධාරණ පදනමක් යටතේ බාධාවකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාම ඉදිරියේදී දුෂ්කර වනු ඇති බවයි.

මේ අතර, පිරවුම්හල් වෙත ලැබෙන්නේ සීමිත ඉන්ධන තොග පමණක් බව පිරවුම්හල් සේවකයින් පවසන අතර, ඇතැම් පෞද්ගලික පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර ඇති බවද සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *