මීගමුව – දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවය අද (07) අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් මතුව ඇති නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර, ආරක්ෂක මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද කැඳවා තිබෙනවා.
බන්ධනාගාරයේ පවතින ඉඩකඩ හිඟය, සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තම නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලමින් රැඳවියන් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් පසු එහි රැඳවියන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.







Leave a Reply