Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ 2026 මැයි 20 වනදා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නව කමිටුව පත් කර ඇති බව සඳහන්.

සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ධූරය කපිල විජේගුණවර්ධන මහතාට හිමිව තිබෙනවා.

එහි සෙසු සාමාජිකයන් ලෙස අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති.

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ මෙම නව පත්වීම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි තේරීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ විධිමත්ව සිදුවනු ඇති කරන බවයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව තේරීම් කමිටු සාමාජිකයින් පත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *